අවසානයේ ඇයගේ ආශාව නිසාම ඇයට ජීවිතය අහිමි වුණා.. - තරුණියක් ගැන ඇහෙන දුක හිතෙන කතාව

ලිස්සායාම ඇගේ එක ආසාවක්.. ඒ නිසාම තමයි මේ තරම් එයට ආදරය කළේ.. ඒත් අවසානයේ ඇගේ හුස්ම නතර වෙන්නත් එය එක හේතුවක් වුණා..
ස්විට්සර්ලන්ත ජාතික හිමමත ලිස්සා යෑමේ ක්‍රීඩිකාවක්වෙන සොෆී හෙඩිගර් ගැනයි මේ කණගාටුදායක කතාව.. හිම කුණාටුවකට හසුවූ ඇය ඊයේ අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 26ක්..
රෝසා කඳුකරයේ නිවාඩු නිකේතනයකට ගොස් සිටියදී ඇය මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා..
ස්විස් සම්මේලනය (ස්විස්-ස්කී) ඊයේ (24) පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ 'අපිට ඇදහිය නොහැකි තරම් කණගාටුයි. අපි සොෆීගේ මතකයට ගරු කරන්නෙමු' යන්නයි..
2022 දී ඇය බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ අතර ඇය කනිෂ්ඨ ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූවා..
2023 වසරේ අමෙරිකාවේ පැවති ශීත ඍතු ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළට සහභාගි වී රන් පදක්කමක්ද ඇය ජයග්‍රහණය කර තිබෙනවා..
235 Views
Comments