“අපි තමයි අපිව දන්නේ.. ලෝකය නෑ එය දන්නේ” - සියල්ලන්ගේ ආශිර්වාද මැද කසුන් - මාධවී යුග දිවියට (PHOTOS)

මාධවී ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර කියන්නෙ මෑත කාලීනව වඩාත් කතාබහට ලක්වුණු පෙම්වතුන් යුවළක්.
දෙන්නගෙ ආදර කතාව හරි ලස්සනට ගලාගෙන ආවේ ආශිර්වාද රැසක් මැද. ඒ අතර විවේචනත් නොතිබුණාම නෙවෙයි.
ඒවා කොහොම වුණත්, ඔන්න දෙන්නත් එක්ක ප්‍රේමය ජය අරන්.
කසුන් - මාධවී යුවළ විවාහ දිවියට පිවිසිලා.
ඒ සුබ ආරංචිය ගැන කියන්න මාධවී මෙන්න මෙහෙම සටහනක් ද තබා තිබුණා.
''අපි තමයි අපිවදන්නේ...
ලෝකය නෑ එය දන්නේ...
බාධක නම් තව එන්නේ...
අපි ආදරයෙන් ඉන්නේ...
සුබපැතුම් එවපු හැමෝටම ආදරෙයි''
සුන්දර මනාල යුවළක්ව ජීවිතේ ලස්සනම පරිච්ඡේදය ඇරඹූ ඔබ දෙදෙනාට අපෙනුත් උණුසුම් සුබපැතුම් !!
3678 Views
Comments