ලොව ප්‍රකට විශිෂ්ඨතම තබ්ලා වාදකයා දිවි සැරිය නිමාකරයි

ලොව විශිෂ්ඨතම තබ්ලා වාදකයෙකු වන, ඉන්දීය කලාකරු සාකීර් හුසේන් (Zakir Hussain) අවසන් ගමන් ගොස් තිබෙනවා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 ක්.
ඔහුගේ පවුලේ පිරිස් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, සැන් ෆ්‍රැන්සිස්කෝ හි රෝහලකදී අවසන් ගමන් ගිය සාකීර් හුසේන්ගේ මරණයට හේතුව පෙනහළු රෝගයක් වන බවයි.
සිව් වතාවක් ග්‍රැමී සම්මානය දිනූ, සාකීර් හුසේන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතයේ සුවිශේෂී සලකුණකි.
ඉන්දියාවේ දෙවන ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂන සම්මානයෙන් ද ඔහු පිදුම් ලබා ඇත.
සාකීර් හුසේන්ගේ පියා, තබ්ලා විශාරද උස්තාද් අල්ලා රඛා ඛාන් ය.
ඉන්දීය වාර්තාවන්ට අනුව, සාකීර් හුසේන් සිය පළමු ප්‍රසංගය පවත්වා ඇත්තේ වයස අවුරුදු හතේදී යි.
203 Views
Comments