නොසිතූ මොහාතේ ආ මාරයා මාර්ගය අයිනේ සිටි තරුණයාට මරු කැඳවූ හැටි

හලාවත දිගන්වැව ප්‍රදේශයෙ මාර්ගය අසල ට්‍රැක්ටරයකට ඉන්ධන දමමින් සිටි තරුණයකු මාර්ගයෙ ගමන් කරමින් තිබු කොහු බත් පැටවු විශාල ලොරියකට යටවි එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
මරණයට පත්ව ඇත්තේ හලාවත දිගන්වැව මොරකැලේ 22 හැවිරිදි ජනිදු ධනංජය නැමති තරුණයෙකී.
තම පියාට අයත් කුඩා ප්‍රමණයෙ බැකෝවක් පියාගේම ට්‍රැක්ටරයකින් ප්‍රවාහනය කරමින් සිටියදි ට්‍රැක්ටරයෙ ඉන්ධන නොමැතිම නැවති යාමේන් පසු ඉන්ධන රැගෙන විත් ට්‍රැක්ටරයට දමමින් සිටියදී අධික වේගයෙන් පැමිණි කොහු බත් පැටවු විශාල ටිපර් රථය එකවරම මාර්ගයෙන් ඉවතට පැන තරුණයාද යටකරගෙන පෙරළි ඇති බව කියයි.
අනතුරත් සමග මෙම තරුණයා විසිවි ගොස් කුඩා වලකට වැටි ඇතත් ටිපර් රථයෙ ඉදිරිපස රෝද මෙම තරුණයාගෙ පපුව මතට සිරවි තිබු බව පොලිසිය පවසයි.
337 Views
Comments