හර්දික් පාණ්ඩ්‍යා - නටාෂා දික්කසාද කතාව නැවතත් කරළියට - මේපාර ඇත්තටම ඩිවෝස් ??

පාණ්ඩ්‍යා - නටාෂා ප්‍රේම ජවනිකාව, එහෙමත් නැත්නම් දෙන්නගෙ වෙන්වීමක් ගැන පැතිරුණු කතාව පහුගිය කාලයේ ''ලෝක මට්ටමේ මාතෘකාවක්'' බවට පත් වුණා.
කවුරු කොහොම මේ කතාව ''ප්‍රවෘත්තියක්'' කරගත්තත්, හර්දික් හෝ නටාෂා තවම ඒ ගැන මුනිවත රකිනවා. සෑහෙන කාලයක් ගිහිල්ලත් දෙන්නගෙන් කිසිම කෙනෙක් මේ ගැන කතා කරලා නෑ.
යම් යම් හේතු කාරණා මත ඔවුන් වෙන්වෙලා යැයි පෙන්වා දුන්නාට සෘජුව කිසිම හෝඩුවාවක් දෙන්නගෙන් එළියට ඇවිල්ලත් නෑ.
ඒ නිසාම මේක පාණ්ඩ්‍යා - නටාෂා දෙන්නගෙ නාට්‍යයක් කියලත් චෝදනා එල්ල වෙන්න ගත්තා.
චෝදනාව මොකක් වුණත් මේ දෙන්නා නෙවෙයි ඒවයෙ හරි වැරදි හදන්න ඉස්සර වුණේ.
ඔය නිසාම මේ දික්කසාද නාට්‍ය පස්සෙ පස්සෙ කවුරුත් අතෑරලා දැන්මා.
නමුත් පහුගිය දවසක දකුණු අප්‍රිකාවට එරෙහිව විස්සයි20 ලෝක කුසලානය තමන් සන්තක කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වීමත් එක්ක පාණ්ඩ්‍යා - නටාෂා කතාව ආයෙම ඇදිලා ඇවිත්.
ලද ජයග්‍රහණයට හැමෝම සුබපැතුම් එක්කාසු කරද්දි, ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල සලකුණක් වන පාණ්ඩ්‍යාගේ, හද දිනූ ඇය නිහඬයි !!
ඔව්.. නටාෂා කිසිම සුබපැතීමක් කරලා නෑ.
අපි දැක්කා අනුෂ්කාත් කෝලිට හරි ලස්සන සටහනක් අකුරු කරලා තියෙනවා. නමුදු පාණ්ඩ්‍යාගේ බිරිඳ නටාෂාගෙන් කිසිම සද්දයක් නෑ.
මේ කාරණාව නිසාම පාණ්ඩ්‍යා - නටාෂා වෙන්වීම ආයෙමත් කරළියට ඇවිත්. ඒ, දෙන්නගෙ වෙන්වීම දැන් නම් තහවුරුයි කියන එකත් එක්ක.
එහෙම කතා ආයෙම පැතිරෙන්න ගත්තත් සුපුරුදු පරිදි පාණ්ඩ්‍යා - නටාෂා යුවළ නම් තවමත් මුනිවත රකිනවා....
309 Views
Comments