නව වසරේ ගිනි කෙළිත් ගිනි ගණන් යයි

පසුගිය දෙසැම්බර් උත්සව සමයට සාපේක්ෂව මෙම අලුත් අවුරුදු සමයේ දී ගිනි කෙළි මිල 40% කින් පමණ ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
වෙළෙඳපොලේ සෙසු ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ මිල ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයන් පවසා සිටී.
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව ඇතත් එහි වාසිය තමන්ට නොලැබෙන බව පාරිභෝගික ජනතාව චෝදනා කර සිටී.
ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්ධන මිල පහල දැමුවද කිසිදු භාණ්ඩයක හෝ සේවාවක මිල ඊට සමගාමීව පහළ ගොස් නොමැති බවයි.
359 Views
Comments