ශ්‍රී ලංකාවේ උද්ධමනයේ සැලකිය යුතු පහළ යාමක්

ඇමරිකාවේ ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ නවතම උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව එහි දහ තුන්වන ස්ථානය තෙක් වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ ජූනි මාසයේදී පැවතියේ එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේය. සිම්බාබ්වේට පමණක් දෙවැනි වෙමින් සිටි ශ්‍රී ලංකාව මේ වන විට උද්ධමනය පාලනය කරමින් සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් අත්පත් කරගෙන ඇත.
එමෙන්ම ලොව දුර්වලම මුදල් ඒකකය බවට පත්ව තිබූ ශ්‍රී ලංකා රුපියල් අද වන විට ලෝකයේ දුර්වලම මුදල් ඒකක අතරින් යම් ප්‍රගතියක් අත්පත් කරගෙන ස්ථාන කිහිපයක්ම ඉදිරියට පැමිණ ඇති බව ද සඳහන්.
287 Views
Comments