ලංකාවේ බයිනෑන්ස් තහනම්

ලොව ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Binance සමාගමට කොළඹ ප්‍රධාන වාණිජ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කොට තිබේ.
මෙය ඇමරිකානු මූල්‍ය ආයතනයකට ශ්‍රී ලංකාවෙන් වාරණ නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාවයි.
මෙම වාරණ නියෝගයට අනුව මෙරට ලියාපදිංචි OnmaxDT පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ගිණුම් අටක් වහාම ක්‍රියාත්මක වන පරිදි මාස හයක කාලයකට අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.
OnmaxDT පුද්ගලික සමාගම සතුව ආසන්න වශයෙන් රුපියල් කෝටි 43 කට අධික Binance ක්‍රිප්ටෝ මුදල් තැන්පත් වී ඇති බවට රහස් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කොට ඇති අතර, ඒ අනුව මෙම වාරණ නියෝගය නිකුත් කොට තිබෙන බවද වාර්තා වේ.
673 Views
Comments