SEP
25
ලෝක වෙළඳපොළේ අඩුම බොරතෙල් මිල වාර්තා වෙයි

වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ලෝක වෙළදපොලේ වාර්තා වූ අඩුම බොර තෙල් මිල මේ වන විට වාර්තා වී ඇත.
ඒ අනුව ඩබ්ලිව් ටී අයි බොරතෙර බැරලයක මිල ඇමරිකානු ඩොලර් 78ක් ලෙස සටහන් වෙයි.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 86ක් ලෙස සටහන් වෙයි.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මෙලෙස අඩු වුවද සතියකට දෙවරක් ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කරන බවට බලධාරීන් ප්‍රකාශ කර තිබුණ ද අවසන් වරට මෙරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය ජූලි දා 17 වැනි දිනය.
277 Views
Comments