සියලු ඉන්ධන වර්ග වලින් නව බද්දක් අය කිරීමට සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

සියලු ඉන්ධන වර්ග වලින් නව බද්දක් අය කිරීමට සැරසේ

සියලු ඉන්ධන වර්ග වලින් නව බද්දක් අය කිරීමට සැරසේ

මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන් සියලුම වර්ගවල ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් දහයක ඉන්ධන බද්දක් පැනවීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යෝජනා කොට තිබේ.

 

යතුරුපැදි ද ඇතුළු සියලුම වාහනවල ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී අය කිරීමට යෝජිත රුපියල් 100 ක මාර්ග නඩත්තු ගාස්තුවට අමතරව මෙම බද්ද අය කිරීමට සැලසුම් කෙරෙන බව වාර්තා වන අතර, මෙම බද්ද මගින් වාර්ෂිකව රැස්කිරීමට අපේක්ෂිත ආදායම රුපියල් කෝටි අසූවක් බවද වාර්තා වේ.

මෙරට  මාර්ග නඩත්තුව සඳහා වාර්ෂිකව වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි දෙදහස් දෙසියයක් පමණ වන බවට  බව මහාමාර්ග අමාත්‍යාංශය කියා සිටී.
 

views

342 Views

Comments

arrow-up