පාන්, කිරිපිටි සහ සිමෙන්ති මිලට කරන්න හදන දේ මෙන්න

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල සහ සිමෙන්ති හා කිරිපිටි වල මිල තීරණය කිරීම සඳහා ඉදිරියේ දී පාරිභෝගික අධිකාරියට මැදිහත්වීමට සිදුවනු ඇතැයි එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පවසා සිටී.
කර්මාන්තකරුවන් මේ අවස්ථාවේ ඒවායේ මිල අඩු නොකිරීම නිසා මෙම තීරණය ගැනීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
රසායනාගාර පරීක්ෂණ සහ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීම දිරිමත් කිරීමට ඉදිරියේදී නව රෙගුලාසි හඳුන්වා දෙන බවද නිරිඇල්ල මහතා සඳහන් කර සිටියේය.
360 Views
Comments