ශ්‍රී ලංකාවේ දිළිඳු ජනගහනය තවත් ඉහළට

සමස්ත ජනගහනයෙන් 16% ක් වන ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකුගෙන් එක් අයෙකු දළ වශයෙන් දිළිඳු බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
මෙම අධ්‍යයනය සිකුරාදා (28) දින කොළඹදී දියත් කරන ලද ශ්‍රී ලංකාවේ ජාතික බහුමාන දරිද්‍රතා දර්ශකයේ (MPI) සොයාගැනීම්වල ප්‍රථිඵලයක් ලෙස දක්වා ඇත.
එය 2019 වසරේ දත්ත මත පදනම්ව යුනිසෙෆ් සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දියත් කරන ලද්දකි.
පිරිසිදු ජලය, ආහාර, සනීපාරක්ෂාව, අධ්‍යාපනය හෝ සෞඛ්‍ය සඳහා ප්‍රවේශය නොමැතිකම යනාදී කරුණු බහුමාන දරිද්‍රතා දර්ශකයට අන්තර්ගත වේ.
338 Views
Comments