MAR
27
කිරිපිටි මිල අද සිට පහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල පහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් තීරණය කර තිබේ.
කිරිපිටි 1Kg ක් රුපියල් 200 කින් සහ 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසා ඇත.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම මෙලෙස මිල පහත දැමීමට හේතු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මීට අමතරව කිරිපිටි මිල පහළ යෑම නිසා කිරි තේ කෝප්පයක් රුපියල් 90 ට ලබා ගත හැකි බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසා ඇත.
309 Views
Comments