කාටත් අතනොපා දිවි සටන ගෙනයන අම්පාරේ දිරිය කාන්තාව

තම දෑතේ ශක්තියෙන් ජීවිතය ගැටගසා ගන්නා වයස අවුරුදු 67ක් වයසැති දිරිය කාන්තාවක් පිළිබඳව අම්පාර දමන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිවුලේගම ගම්මානයෙන් වාර්තා වූ අතර ඇය පී. ජී. සෝබාවතීය.
යකඩ ගැහැණිය ලෙස අප සමාජයේ විවිධ කාන්තාවන් වරින්වර විරුදාවලි ලබාදෙන්නේ ඔවුන් තුළ පවතින කැපවීම හා ධෛර්යය නිසාය. ඇය මෙම ජිවිකාව ගැටගසා ගැනීමට සැබවින්ම යකඩ සමග පොරබදින කාන්තාවකි.
සිය සැමියාගේ කර්මාන්තය වූ කම්මල් කර්මාන්තයට ඇය මීට වසර 40කට පෙර පිවිසෙන්නේ ඒ පිළිබඳව කිසිදු අත්දැකීමකින් තොරවය. මේ වන විට සැමියා ඇයව හැරගොස් ඇති පසුබිමක දරුවන් සිව්දෙනෙකු ජීවත් කිරීමට ඇය දරන්නේ අපරිමිත වෙහෙසකි.
දැන් ඇයට පැය 03ක් වැනි කාලයක් තුළ ඕනෑම කම්මල් ආශ්රිත නිෂ්පාදනයක් නිමකිරීමට හැකියාව පවතී.
401 Views
Comments