MAY
11
ලෝකය ම දන්න පෙරපාසල් සිසුවා

ලෝක සිතියමක පිහිටි රටවල් 195 නිවැරදිව පෙන්වන්න ට හැකි පෙර පාසල් සිසුවෙකු පිළිබඳ පුවතක් නුවරඑළියෙන් වාර්තා වේ. එපමණක් නොව ඔහුට එම රටවල් 195 ට අයත් අගනුවරවල් 195 ද ඉංග්‍රීසි බසින් නිවැරදිව ලෝක සිතියමක සලකුණු කළ හැකියි.
කාලානේෂන් නම් මෙම දරුවා අවුරුදු 02 තරම් කුඩා වයසක සිට ලෝක සිතියම ප්‍රගුණ කර තිබේ. මේ වන විට ඔහු ආසියානු වාර්තාවක් පිහිටුවීම සඳහා සූදානම් වෙමින් සිටී.
ශ්‍රී ලංකාව ට අභිමානයක් වෙමින් ඔහුගේ මීළඟ සිහිනය වන්නේ ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීම යි.
416 Views
Comments