සජිත් සහ බිරිඳ සුවය ලබයි - ගංඟාරාමයටත් යයි - (PHOTOS)

පසුගිය මැයි මස 23 වනදා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනී ප්‍රේමදාස මහතා අද කොළඹ හුනුපිටිය ගංඟාරාමයට ගොස් මහා සංඝරත්නය ආශිර්වාද ලබාගත්තා.
මහාචාර්ය පූජ්‍ය පාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද තීනියාවල පාලිත නාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය පූ ගොඩ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ, ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය අස්සජී හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විපක්ෂ නායකවරයා සහ බිරිඳට සෙත් පිරිත් සජ්ජායනාවක් සිදුකර ආශිර්වාද කිරීම ද එහිදී සිදු වුණා.
රෝහල් ගත කිරීමෙන් පසුව විපක්ෂනායකවරයා මාධ්‍ය හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව ද මෙයයි.
1012 Views
Comments