චන්දිමාල් ගේ සාදයට ආ තවත් 6ක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
04

චන්දිමාල් ගේ සාදයට ආ තවත් 6ක් අත්අඩංගුවට

චන්දිමාල් ගේ සාදයට ආ තවත් 6ක් අත්අඩංගුවට

රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැත්වූ උපන්දින සාදයට සම්බන්ධ වූ තවත් සැකකරුවන් 6 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මොවුන් අතර පිරිමි පුද්ගලයන් තිදෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙකු සිටියි.

 

මෙම සාදයට සම්බන්ධ වීම හේතුවෙන් මීට පෙරද සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනුනි. ඒ අනුව දැනට අත්අඩංගුට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 21 කි.

 

මෙම සාදය සම්බන්ධ වූ තවත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් විමර්ශන සිදු කරමින් පවතී.

 

කෙසේ නමුත් මෝස්තර නිරූපණ ශිල්පිනි පියුම් හංසමාලි මුහුණ පොත ඔස්සේ කියා සිටියේ මෙම සාදයට සම්බන්ධ වූයේ 10ත් 15ත් අතර පිරිසක් පමණක් බවයි. සාදය පැවැත්වු චන්දිමාල් ජයසිංහ පැවසූයේ ඔවුන් සාදයක් නොපැවත්වූ බවත් හෝටලයේ කාමරයක් ගෙන එහි සිටියා පමණක් බවයි.

views

1005 Views

Comments

arrow-up