බණ්ඩාරවෙල බස් නැවතුමේ දී පුද්ගලයෙක් හදිසියේ ඇද වැටෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
09

බණ්ඩාරවෙල බස් නැවතුමේ දී පුද්ගලයෙක් හදිසියේ ඇද වැටෙයි

බණ්ඩාරවෙල බස් නැවතුමේ දී පුද්ගලයෙක් හදිසියේ ඇද වැටෙයි

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පළේ සිටි පුද්ගලයෙක් හදිසියේ ඇද වැටීම නිසා එහි සිටි පිරිස කලබලයට පත්ව තිබේ.

 

එම අවස්ථාවේදී එහි සිටි කිසිවෙක් ඔහුට සහයවීමට නොපැමිණි බවයි වාර්තා වෙන්නේ.

 

කෙසේ වුවත් පොලිසිය පැමිණ සුවසැරිය ගිලන්රථ සේවය මේ පිළිබඳව දැනුවත් කර තිබෙන අතර ඒ අනුව එම ගිලන්රථ සේවකයින් පැමිණි අදාළ පුද්ගලයා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

 

කෙසේ වුවත් එම පුද්ගලයාට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී නොතිබුණු අතර ඔහුගෙන් පී.සී.ආර් සාම්පලයක් ද ලබාගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

views

1476 Views

Comments

arrow-up