තුන් හැවිරිදි සිඟිති දැරිය උණු කිරි භාජනයට වැටී මරුට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
02

තුන් හැවිරිදි සිඟිති දැරිය උණු කිරි භාජනයට වැටී මරුට

තුන් හැවිරිදි සිඟිති දැරිය උණු කිරි භාජනයට වැටී මරුට

උණු කළ එළකිරි සහිත භාජනයකට වැටී බරපතල පිළිස්සුම් තුවාල ලැබූ තුන් හැවිරිදි දැරියක් අනතුර සිදුවී දින 13කට පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 

 

මැදිරිගිරිය ට්‍රැක් 8 ප්‍රදේශයේ පදිංචි ඒච්.එම් ඔනාරා හිමයංගි නමැති කුඩා දැරියක් මෙලෙස මරණයට පත්ව ඇත.

 

මිත්තණිය භාරයේ සිටි මෙම දැරිය සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා උණු කළ එළකිරි භාජනයට වැටී ඇතැයි පොලිසිය පවසයි.

 

සිද්ධියවූ අවස්ථාවේ නිවැසියන් මෙම දැරියව මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතල තත්වයෙන් පසුවීම නිසා එම අවස්ථාවේම වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරියව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

 

මෙම දැරිය ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 13ක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

views

19139 Views

Comments

arrow-up