නිරිතදිග මෝසම ක්‍රියාත්මකයි අවධානයෙන් සිටින්න
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
22

නිරිතදිග මෝසම ක්‍රියාත්මකයි අවධානයෙන් සිටින්න

නිරිතදිග මෝසම ක්‍රියාත්මකයි අවධානයෙන් සිටින්න

නිරිත දිග මෝසම් තත්ත්වය මෙය වන විට ක්‍රමයෙන් රටපුරා ඇතිවෙමින් පවතින නිසා දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද දිනයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

එමෙන්ම බස්නාහිර, සබරගමුව යන පළාත් වලත් ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවත් උතුරු පළාතේ සහ උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් මීට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනය සඳහන්.

 

එමෙන්ම ඉදිරි පැය 24 තුළ පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ සහ උතුර, උතුරුමැද, වයඹ පළාත් වලත් ඇතැම් ස්ථානවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 සිට 55 දක්වා ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටිනවා.

 

 

views

889 Views

Comments

arrow-up