MAY
15
තුන්වන ගැබිණි මරණයත් වාර්තා වේ - වෛද්‍යවරුන් දරුවා බේරා ගනී

කෝවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවුණු තුන්වන ගැබිණි කාන්තා මරණය ඊයේ කුරුණෑගලින් වාර්තා විය.
කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගියේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී.
මව මියගිය ද ඇගේ කුස තුළ සිටි දරුවාව සිසේරියන් සැත්කමකින් බේරාගැනීමට රෝහලේ වෛද්‍යවරුන් සමත්වී තිබුණි.
source : hirunews
690 Views
Comments