පොලිතීන් තහනමට විකල්පයක් වන පන් ශාකය වඳ වීම හේතුවෙන් පරිසර අමාත්‍යාංශය අර්බුදයක
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
05

පොලිතීන් තහනමට විකල්පයක් වන පන් ශාකය වඳ වීම හේතුවෙන් පරිසර අමාත්‍යාංශය අර්බුදයක

පොලිතීන් තහනමට විකල්පයක් වන පන් ශාකය වඳ වීම හේතුවෙන් පරිසර අමාත්‍යාංශය අර්බුදයක

මෙරට තුළ පොලිතීන් භාවිතය අවම කිරීමට රජය විසින් සාධනීය පියවර රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව ප්ලාස්ටික් පැදුරු සහ මාගල් තහනම් කිරීමට යෝජනා වී ඇති නමුත් ඊට විකල්පයක් වන දේශීය පන් කර්මාන්තය මේ වන විට ඊට අවශ්‍ය පන් ලබා ගැනීම සම්බන්ධයෙන් අර්බුදයකට පත්ව සිටින බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

 

ගොවීන් බහුල වශයෙන් කෘමිනාශක සහ වල්නාශක භාවිතා කිරීම හේතුවෙන් මෙම පන් ශාකය ශීඝ්‍රයෙන් වඳ වී යමින් පවතිනවා.

 

මේ කරුණු සියල්ල සැලකිල්ලට ගෙන රජය මැදිහත් වී නැවතත් පන් වගාව ආරම්භ කිරීම පිළිබඳව මේ විට අවධානය යොමුව තිබෙනවා.

views

1019 Views

Comments

arrow-up