පිරිමි සිසුන් 4 දෙනෙකු අපයෝජනය කළ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රාදේශීය පාසලක විදුහල්පතිවරයා ලෙස සේවය කරන පුද්ගලයෙකු එම පාසලේ පිරිමි සිසුන් 4 දෙනෙකු අපයෝජනය කිරීමේ චෝදනා මත ඊයේ අත්අඩංගුවට ගැනුනා.
සැකකාර විදුහල්පතිවරයා 43 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
අපයෝජනයට ලක්වූ දරුවන් වයස අවුරුදු 11ත් 13ත් අතර වේ. මෙම දරුවන්ගේ හැසිරීම් රටාවේ ඇතිවූ වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කළ දෙමව්පියන් ඒ පිළිබඳව දරුවාගේ විමසීම් කළ විට විදුහල්පතිවරයා විසින් යම් යම් විකෘති අශාවන් ඉශ්ට කිරීමට තමාට බලපෑම් කල ආකාරය පිළිබදව ඔවුන් දෙමව්පියන්ට පවසා ඇත.
පසුව දෙමව්පියන් මේ පිළිබඳව රක්වාන පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනුණි.
ඔහුව අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිත අතර අපයෝජනයට ලක්වූ සිසුන් හතර දෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබේ.
source: divaina
1930 Views
Comments