නිවස තුළත් මුව ආවරණ පැළඳිය යුතුයි

තම නිවස තුළදී වුවද මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර ගත යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවට කියා සිටිනවා.
ඔහු පවසන්නේ මේ දිනවල පැතිර යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මෙය වඩාත් කාලෝචිත බවයි.
කොවිඩ් වෛරසයට පුද්ගලයෙකුව ආසාදනය කිරීමට ගතවන්නේ තත්පර 15ක් තරම් කුඩා කාලයක් බැවින් එම කාලය තුළ වුව ද රෝගය පුද්ගලයකුගෙන් තව කෙනෙකුට බෝවීමේ හැකියාවක් පවතිනවා.
මේ හේතුවෙන් හැකි සෑම විටම මුඛ ආවරණයක් පැළඳීම සුදුසු බවයි වෛද්‍යවරුන්ගේ මතය වන්නේ.
2185 Views
Comments