අසාද් සාලි අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
16

අසාද් සාලි අත්අඩංගුවට

අසාද් සාලි අත්අඩංගුවට

බස්නාහිර පළාත් හිටපු අාණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

නීතිපතිවරයාගේ උපදෙස් මතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

 

අසාද් සාලි මහතා පසුගියදා මෙරට නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් පැමිණිලි ඉදිරිපත්කර තිබුණා.

 

ඔහුගේ ප්‍රකාශය, දණ්ඩ නීති සංග්‍රහය, සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව මෙන්ම 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංගනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණා.

views

911 Views

Comments

arrow-up