සල්ලි තියන එකා 04 ක් බැන්දම මොකද්ද තියන ප්‍රශ්නෙ ? - අසාද් සාලි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වූ පමණින් කුරාණයේ සඳහන් වී තිබෙන නීති වෙනස් කළ නොහැකි බවත්, එසේ වෙනස් කළද මුස්ලිම් ජනතාව එය පිළිගැනීමට සූදානම් නොමැති බවත් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසනවා.
මුස්ලිම් නීති වෙනස් කළද මුස්ලිම් ජනතාවගේ ජීවන රටාව නීතිවලින් වෙනස් කළ නොහැකි බවද ඔහු පවසනවා.
මුස්ලිම් ජාතිකයෙකු විවාහ තුන හතරක් සිදුකර ගන්නේ ඔවුන්ගේ හැකියාව මත බවත්, රැකබලා ගැනීමේ හැකියාව තිබේ නම් ඔවුන් විවාහ තුන හතරක් සිදුකර ගැනීමේ තිබෙන ගැටලුව කුමක්ද යන්න අසාද් සාලි මහතා විමසා සිටී.
බහු විවාහ සිදු කරන්නේ තවත් කෙනෙකුට පිහිට වීමේ අරමුණින් බවද ඔහු පවසනවා.
938 Views
Comments