රෝහල් වල අවශ්‍යතා සපුරන්න රාජ්‍ය ඇමතිනිය මෙරට ධනවතුන්ගෙන් සහය ඉල්ලයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
16

රෝහල් වල අවශ්‍යතා සපුරන්න රාජ්‍ය ඇමතිනිය මෙරට ධනවතුන්ගෙන් සහය ඉල්ලයි

රෝහල් වල අවශ්‍යතා සපුරන්න රාජ්‍ය ඇමතිනිය මෙරට ධනවතුන්ගෙන් සහය ඉල්ලයි

කොරෝනා ආසාදිත රෝගීන් සිටින රෝහල්වලට අවශ්‍ය කරන පහසුකම් සැපයීමට සහයෝගය ලබා දෙන ලෙස මෙරට ධනවත් ව්‍යාපාරික ප්‍රජාව ගෙන් තමා ඉල්ලීමක් සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

 

ඇය පෙන්වා දෙන්නේ මේ වන විට රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට රෝහල්වල අඩුපාඩු පවතින බවයි.

 

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ප්‍රකාශ කළා.

 

"අපි පුරෝකථනය කරලා තිබුණා මේ අලුත් තත්ත්වයත් එක්ක එන මරණ සංඛ්‍යාව වැඩි වෙයි කියලා. අපේ රටේ ධානපතියන්ගෙන් අපි ඉල්ලනවා මේ වැඩපිළිවෙලට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න කියලා. මොකද රෝහල් පද්ධතියට ඔක්සිජන් සපයගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම ICU ධාරිතාව වැඩි කරද්දි ඇතිවෙන උපකරණවල අවශ්‍යතා තිබෙනවා. ඒ නිසා අපි ධානපතියන්ගෙන් ඉල්ලන්නේ තමුන්ගේ ප්‍රදේශවල රෝහල් සමග එකතුවෙලා ඒ අවශ්‍ය කරන උපකරණ සඳහා පුංචි හෝ ආධාරයක් කරන ලෙසයි."

 

views

1937 Views

Comments

arrow-up