අකුණක් වැදී හිමිනමක් රෝහලට

එෛතිහාසික මාවනැල්ල දෙවනගල රජමහා විහාරස්ථානයේ, භික්ෂූන් වහන්සේ නමකට, අද(09) උදෑසන අකුණුසැර වැදීමෙන් මාවනැල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත.
අද උදෑසන අකුණු වැදීම් කිහිපයක්ම සිදුව ඇති අතර එම අවස්ථාවේ උදෑසන දානය වළඳමින් සිටි වයස 21 හැවිරිදි හිමිනමක් අකුණු සැර වැදී විසි වී එම ස්ථානයේ ඇද වැටී තිබේ
පසුව සුවසැරිය ගිලන් රථයක් යොදාගෙන මාවනැල්ල මහරෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇත.
දෙවනගල පුදබිමට මීට පෙරද අවස්ථා කිහිපයකදී ද අකුණු සැර වැදී එහි තිබු විදුලි උපකරණ රැසක්ම විනාශ වී ඇති අතර භාරකාර ස්වාමින් වහන්සේ විසින් දෙවනගල පුදබිමට අකුරු සන්නායකයක් සවි කර දෙන ලෙස ඉල්ලා තිබුණද එය මෙතෙක් අදාළ බලධාරීන් ඉටු කර දී නොමැත.
3697 Views
Comments