නව සෞඛ්‍ය ඇමතිගෙන් පණිවිඩයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
16

නව සෞඛ්‍ය ඇමතිගෙන් පණිවිඩයක්

නව සෞඛ්‍ය ඇමතිගෙන් පණිවිඩයක්

තමාව නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීම සම්බන්ධව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කරන බව සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

 

කොවිඩ් වසංගතය හසුරුවමින් මේ දක්වා සිදුකළ විශිෂ්ඨ කාර්ය පිළිබඳව ඔහු හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට මහත්මියට එමඟින් ස්තූතිය ද පළ කර තිබේ.

 

කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා සියලු‍ පුරවැසියන්ගේ සාමූහික සමාජ වගකීම අවශ්‍යබව නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවුඩයෙන් පෙන්වාදී ඇත. 

views

872 Views

Comments

arrow-up