හදිසි මරණපරීක්ෂකවරුන්ගේ සේවා කාලය දිගු කෙරේ

පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් , ස්ථිර හා පදනම් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය 2021 දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝ කිරීමට තීරණයක් ගෙන ඇත.
මේ වසරේ මාර්තු 31 දිනෙන් මුල් පත්වීම් කාල සීමාව හෝ සේවා දිගුව අවසන් වූ නමුත් මෙතෙක් සේවා කාලය දීර්ඝ නොකළ හා අගෝස්තු 1 වන දින සිට දෙසැම්බර් 31 දක්වා වයස අවුරුදු 70 සම්පූර්ණ වූ හෝ සම්පූර්ණ වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන් එම අමාත්‍යාංශය වෙත ඉල්ලුම් කිරීමක් අවශ්‍ය නොවේ.
මෙම චක්‍රලේඛ හා විධිවිධාන විනය හේතු හෝ වෙනත් හේතු මත සේවා දිගුවක් ලබා නොදෙන බවට ලිඛිතව දැනුම් දුන් හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා වලංගු නොවේ.
820 Views
Comments