යාපනය සරසවියේ කඩා දැමූ යුද ස්මාරකය නැවතත් විවෘත වේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
23

යාපනය සරසවියේ කඩා දැමූ යුද ස්මාරකය නැවතත් විවෘත වේ

යාපනය සරසවියේ කඩා දැමූ යුද ස්මාරකය නැවතත් විවෘත වේ

නීති විරෝධී ඉදිකිරීමක් ලෙස සලකා කඩා දැමූ යාපනය විශ්ව විද්‍යාලයේ යුද සැමරුම් ස්මාරකය නැවතත් අද දින විවෘත වුණා.

 

අදාළ ස්මාරකය විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් ඉවත් කිරීමත් සමග එහි ශිෂ්‍යයන් විසින් සිදු කළ විරෝධතා හමුවේ එම ස්මාරකය නැවතත් ඉදිකිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර පසුගිය ජනවාරි 15 වැනි දින එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණි.

 

එලෙස යළි ඉදි කෙරූ මෙම ස්මාරකය අද දිනයේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන් නැවතත් විවෘත කෙරුණු බව වාර්තා වේ.

views

521 Views

Comments

arrow-up