නෞකාවේ කපිතාන් ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් - (PHOTOS)

බහාලුම් තොගයක් බෑම සඳහා කොළඹ වරායට පැමිණ වරායට නාවික සැතපුම් 9.5 ක් එපිටදී ගිනි ගැනීමට ලක්වූ එම්.ජී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අද දිනයේ දී සිංගප්පූරුවේ සහ නොවේ රාජ්‍යයන් වලින් පැමිණි මුදා ගැනීමේ කණ්ඩායම් වල සාමාජිකයන් සිව්දෙනෙකු ඇතුළු වී තිබෙනවා.
ඒ ගිනිගත් නෞකාවේ තත්ත්ව පරීක්ෂණයක් සහ තක්සේරුවක් සිදුකිරීම සඳහායි. නෞකාවේ පිටුපස කොටස යම් ආකාරයකින් ගිලා බැසීමට ලක් වී ඇති ආකාරයක් දක්නට තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළා.
මේ අතර ගිනිගත් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (31) දිනයේ දී අදාළ නෞකාවේ කපිතාන්වරයා ගෙන් පැය 14ක කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
එවන් පසුබිමක එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ප්‍රධාන ඉංජිනේරුවරයා සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාට රටින් පිට වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද කටයුතු කළා.
1005 Views
Comments