විශ්‍රාම වැටුප් සහ රජයේ දීමනා ලබන අයට දැනුම් දීමක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
27

විශ්‍රාම වැටුප් සහ රජයේ දීමනා ලබන අයට දැනුම් දීමක්

විශ්‍රාම වැටුප් සහ රජයේ දීමනා ලබන අයට දැනුම් දීමක්

මැයි මාසයට අයත් විශ්‍රාම වැටුප්, ධීවර විශ්‍රාම වැටුප්, වැඩිහිටි හා මහජන ආධාර දීමනා ලබා නොගත් පිරිස වෙනුවෙන් එම දීමනා ලබා ගැනීම සඳහා පමණක් තැපැල් සහ ප්‍රතිඵල කාර්යාල විවෘත කර තැබෙන බව තැපැල් මූලස්ථානය නිවේදනය කරයි.

 

ඒ අනුව 28 සහ 29 යන දිනවලදී පෙරවරු 9:30 සිට පස්වරු 2 දක්වා දීමනා ලබාගැනීම සඳහා පමණක් අවස්ථාව හිමිවේ.

 

එලෙස තැපැල් කාර්යාල වලට පැමිණෙන දීමනාලාභීන්ට සිය විශ්‍රාම වැටුප් හැඳුනුම්පත හෝ වැඩිහිටි මහජනාධාර ගෙවීම් සඳහා නිකුත් කර ඇති හැඳුනුම්පත යොදාගනිමින් තැපැල් කාර්යාල වෙත පැමිණීමට අවස්ථාව සලසා දී ඇත.

 

 

views

921 Views

Comments

arrow-up