අධිවේගයේ වැඩ දමා මැරෙන්න ගිය අයට වැඩ වරදී... (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
11

අධිවේගයේ වැඩ දමා මැරෙන්න ගිය අයට වැඩ වරදී... (VIDEO)

අධිවේගයේ වැඩ දමා මැරෙන්න ගිය අයට වැඩ වරදී... (VIDEO)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් අන්ත්‍රාදායක ලෙස මෝටර් රථයක ජනෙල් මත වාඩි වී තරුණයින් සිව්දෙනෙකු විනෝද වෙමින් ගිය සිද්ධියක් වාර්තා වෙනවා.

 

මෙලෙස ගමන් ගත් මෝටර් රථයේ පසු පසින් ආ තවත් මෝටර් රථයක් මෙම අන්ත්‍රාදායක ක්‍රියාව වීඩියෝ ගත කොට පොලිසියට භාර දී තිබෙනවා.

 

වහාම මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇති අතර මෙම මෝටර් රථය මහනුවර නගරයේ අයෙකුගේ නමට ලියාපදිංචි කොට ඇති බව එහිදි සොයා ගෙන තිබෙනවා.

 

ඒ ඔස්සේ මෙලෙස අන්ත්‍රාදායක ලෙස මෝටර් රථයේ ගමන් පිරිස සොයා පුළුල් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

 

අලුත් අවුරුදු සමයේ මාර්ග අනතුරු බහුලව සිදුවන හෙයින් මෙවැනි ක්‍රියාගැන පොලිසිය දැඩි අවධානයෙන් සිටිනවා.

 

මෙම සිද්ධියට අදාළ දර්ශන අප වෙබ් අඩවිය වෙත ලැබී තිබෙනවා.

 

 

 

 

 

 

 

views

797 Views

Comments

arrow-up