රසායනික පොහොර නොමැතිව අස්වැන්න අඩු වුනොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගන්නවා - ජනපති කියයි

රසායනික පෝර තහනමෙන් පසු කාබනික පොහොර පමණක් භාවිතයෙන් ගොවිතැන් කිරීමේදී අස්වැන්නේ යම් අඩුවීමක් සිදු වී ආදායම අඩු වුවහොත් සහතික මිලට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීමට රජය සූදානම් බවත් ගොවියන් ඒ පිළිබඳව බියක් ඇති කරගත යුතු නොමැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
දේශගුණික විපර්යාස විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ ඊයේ පැවැත්වුණු සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එමෙන්ම රසායනික පොහොර ආනයනය කළ සමාගම් ඒ වෙනුවට කාබනික පොහොර නිෂ්පාදනයට කැමැත්තක් දක්වන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමට ද තමා සූදානම් බව මෙහිදී ජනාධිපතිවරයා පැවසූවා.
526 Views
Comments