අල්ලස් ගැනීම ඇතුළු වැරදි වළක්වන්න පොලිස් ඇඳුමට බොඩි කැමරා

මින් ඉදිරියට අපරාධකරුවන් සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැටලීමට යන පොලිස් නිලධාරීන් ගේ නිල ඇඳුම් වලට බොඩි කැමරා නමින් හැඳින්වෙන කුඩා කැමරා සවි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ සියලු කැමරාවලින් එම ස්ථානයේ සිදුවන සියලු සිදුවීම් පටිගත කරනු ලබනවා.
මේ කැමරාව හේතුවෙන් ඉදිරියේ දී පොලිස් නිලධාරීන්ට අපරාධකරුවන් සහ වැරදි කරන්නන් අත්අඩංගුවට ගන්නා විට ඔවුන්ගේ සැබෑ තොරතුරු වසන් කිරීමට නොහැකි වන පරිදියි මෙය සවි කිරීමට සූදානම් වන්නේ. මේ සඳහා අවශ්‍ය වන සියලු කැමරා සහ උපාංග ලබාදීමට චීනය එකඟවී තිබෙනවා.
මෙන්ම මෙවැනි කැමරාවක් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ලැබෙන්නේ මෙරට ඉතිහාසයේ පළමු වතාවටයි.
2059 Views
Comments