හුදකලා කල ප්‍රදේශවල ජනතාවට රජයෙන් මූල්‍ය ආධාර
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
12

හුදකලා කල ප්‍රදේශවල ජනතාවට රජයෙන් මූල්‍ය ආධාර

හුදකලා කල ප්‍රදේශවල ජනතාවට රජයෙන් මූල්‍ය ආධාර

හුදකලා කර ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සහනයක් වශයෙන් මූල්‍ය මූල්‍යාධාර සැපයීම පිළිබඳව ඊයේ පැවති ආණ්ඩුවේ පක්ෂ නායක හමුවේදී සාකච්ඡා කර ඇත.

 

එම කටයුත්තට මෙන්ම කොවිඩ් පාලනය සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

 

මේ අතර ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වයන්ට නිසි පරිදි සූදානම් වීම සඳහා දිවයින පුරා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණි.

views

604 Views

Comments

arrow-up