රිෂාඩ්ගෙ නඩුව විභාගයෙන් 4වන වතාවටත් විනිසුරුවරුන් ඉල්ලා අස්වේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
05

රිෂාඩ්ගෙ නඩුව විභාගයෙන් 4වන වතාවටත් විනිසුරුවරුන් ඉල්ලා අස්වේ

රිෂාඩ්ගෙ නඩුව විභාගයෙන් 4වන වතාවටත් විනිසුරුවරුන් ඉල්ලා අස්වේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතා සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් මහතා විසින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ලද පෙත්සම විභාග කරන විනිසුරු මඩුල්ලෙන් තවත් විනිසුරුවරයෙකු ඉල්ලා අස්වී තිබෙනවා.

 

අද මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනු අතර එහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික මහින්ද සමයවර්ධන මහතා පෞද්ගලික හේතුවක් යනුවෙන් සඳහන් කර නඩු විභාගයෙන් ඉවත් වී ඇත. මීට පෙරද රිෂාඩ් බදුදීන් මහතාගේ මෙන්ම බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ පෙත්සම් විභාගයෙන් ද විනිසුරුවරුන් පෞද්ගලික  හේතුවක් යනුවෙන් සඳහන් කර ඉල්ලා අස්වන ආකාරය නිරීක්ෂණය විය.

 

රිෂාද් බදියුදීන් මහතාගේ පෙත්සම විභාගයෙන් මේ වන විට විනිසුරුවරුන් සිව්දෙනෙකු  මෙලෙස ඉල්ලා අස් වී ඇත.

views

1307 Views

Comments

arrow-up