මීලඟ නඩුවාරය තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නැහැ - නීතිපති දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වයි

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මීළඟ නඩු වාරය තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට සහතික වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන නඩු විභාගය කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ අධිනීතිඥ, අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවනා මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දන්වා සිටියා එළඹෙන ජූලි 14 වනදා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් මීළඟ නඩු වාරය කැඳවා තිබෙනවා.
එතෙක් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගන්නා බවයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ. කෙසේ නමුත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රහාරය පිළිබඳව ලබාදුන් මූලික ප්‍රකාශය සහ ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසන් සභාවට ලබාදුන් සාක්ෂි පරස්පර විරෝධී වීම හේතුවෙනුයි රහස් පොලිසිය හරීන් ප්‍රනාන්දු මහතා පිළිබඳව විමර්ශනය කරමින් සිටින්නේ.
කෙසේ නමුත් විපක්ෂය චෝදනා කරන්නේ පාර්ලිමේන්තුවේ පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාගේ විවේචනාත්මක ප්‍රකාශ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට රජය උත්සාහ කරන බවයි.
829 Views
Comments