කොවිඩ් එන්නත ලබාදීමේදී ප්‍රමුඛතාවය ගන්න දේශපාලන අතපෙවීම් එපා - වෛද්‍යවරුන්ගෙන් ඇමතිතුමියට ලිපියක්

කොවිඩ් එන්නත ලබා දීමේදී සෞඛ්‍ය අංශ විසින් අනුගමනය කරන ප්‍රමුඛතා ක්‍රියාමාර්ග උල්ලංඝනය වන පරිදි එන්නත ලබා දීමට දේශපාලනඥයින් විසින් කරන බලපෑම් නැවැත්විය යුතු බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිපියක් මඟින් දන්වා ඇත.
දේශපාලනඥයින් මෙන්ම විවිධ බලවත් නිලධාරීන් ද තමාගේ බලය පාවිච්චි කරමින් තම හිත මිත්‍රාදීන්ට සාමාන්‍ය ක්‍රියා පටිපාටියට පිටින් එන්නත ලබා දීමට කෙරෙන බලපෑම් හේතුවෙන් මෙරට එන්නත්කරණය ඉතා දූෂිත වැඩපිළිවෙළක් බවට පත්වී ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
එමෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල පවුලේ සාමාජිකයින් ද අවදානම් කාණ්ඩයක් ලෙස සලකා ඔවුන්ට ද ඉතා ඉක්මනින් එන්නත් ලබාදිය යුතු බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවධාරණය කර තිබුණි.
source: adaderana
533 Views
Comments