දැදුරුඔයට බිලිවූ සොහොයුරන් දෙදෙනා
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
26

දැදුරුඔයට බිලිවූ සොහොයුරන් දෙදෙනා

දැදුරුඔයට බිලිවූ සොහොයුරන් දෙදෙනා

කොබෙයිගනේ ඇඹලයාගම ප්‍රදේශයේ දැදුරුඔයේ දිය නෑමට ගිය වයස අවුරුදු 18 සහ 24 වයස් වල ඥාති සොයුරන් දෙදෙනෙක් දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි.

 

මෙසේ මරණයට පත්ව ඇත්තේ කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි.

 

ඥාති සොයුරන් සිවුදෙනකු එක්ව සති අන්තයේ විනෝද වීම සඳහා කුලියාපිටිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර දැදුරුඔයේ ඇඹලයාගම ප්‍රදේශයේදී දිය නෑමට බැසීමේදී ඔය තුල තිබූ ගැඹුරු කලියක ගිලීමෙන් තරුණයන් දෙදෙනා මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

 

මියගිය තරුණයින් දෙදෙනාගේ සිරුරු මේ වන විට නිකවැරටිය මූලික රෝහලට බාරදී ඇති අතර සිරුරු පිළිබඳව හදිසි මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇත.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

views

13775 Views

Comments

arrow-up