දැඩි රැකවල් මැද මිල කල නොහැකි මැණික් තුනක් හදීසියේ රැගෙන යයි

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබූ මිල කල නොහැකි වටිනා මැණික් 03ක් ආරක්ෂාව සඳහා ලංකා බැංකු සේප්පුවට.
කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සියළු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පසුගිය දා තීරණය කෙරිණි. ඒ එම අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙනි.
කෙසේ වුවද මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මහතාගේ උපදෙස් පරිදි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ මේ වන විටත් ස්ථාපිත කරමින් පවතී.
නාරාහේන්පිට මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමිය සුදානම් කරනතෙක් ජාතික වස්තුවක් වූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේප්පුවේ සුරක්ෂිතව තබා මැණික් අධිකාරියට අයිතිව තිබූ ලොව වටිනාම මිල කල නොහැකි බැව් පැවසේන වටිනා මැණික් 03ක් ගරු අමාත්‍යවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්‍ය බලකායේ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ සේප්පුවේ තැන්පත් කිරීමට අද දින (2021.07.19) පියවර ගැණුනි.
1246 Views
Comments