සංචරණ සීමා 28 දක්වාම ක්‍රියාත්මකයි

මේ වන විට දිවයිනටම පනවා ඇති සංචරණ සීමා එළඹෙන මැයි 28 වැනි දින දක්වා අඛණ්ඩව ම පවත්වාගෙන යෑමට රජය විසින් තීරණය කර තිබේ.
මින් පෙර තීරණය කර තිබුණේ 25 සහ 28 යන දින වලදී සංචාරණ සීමාව ඉවත් කිරීමටයි.
වෛද්‍යවරුන්ගෙන් ලද උපදෙස් වලට අනුව මෙලෙස සංචරණ සීමා එක දිගට පැනවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් 25 සහ 28 යන දිනවල දී නිවෙසකින් එක් අයකුට පමණක් අත්‍යාවශ්‍ය භාණ්ඩ හෝ ඖෂධ ලබා ගැනීම සඳහා නිවෙසින් බැහැර වීමට අවසර හිමි වේ.
source : adaderana
959 Views
Comments