බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු වලින් ප්‍රවේශම්වන ලෙස උපදෙස්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
16

බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු වලින් ප්‍රවේශම්වන ලෙස උපදෙස්

බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු වලින් ප්‍රවේශම්වන ලෙස උපදෙස්

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවේ.

 

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලටමි.මී. 75ට වැඩි තරමක තදවැසිද ඇතිවියහැක.

 

නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ.

 

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවියහැක.

 

පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමාඑයි. සුළගේවේගයපැ.කි.මී. (25-35) පමණවේ.

 

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (40-50)දක්වා වැඩිවියහැක.

 

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාසහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

744 Views

Comments

arrow-up