වැලි ජාවාරමුන් දැදුරු ඔය වනසයි

වැලි ජාවාරම්කරුවන් කිසිදු සිමාවකින් තොරව දැදුරු ඔය වනසමින් සිටින බව පරිසරවේදිහු චෝදනා කරති.
මේ වන විට දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වි ඇතැයිද පරිසරවේදීහු පවසති.
දැදුරු ඔය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල මුලාශ්‍රයක් ලෙස සැලකෙන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගොන්මුත්තාව හා මොරන්කන්ද යන කඳු පන්තිය මුදුනින් ආරම්භ වන එය මුහුදු මට්ටමේ සිට මිටර් 300 උසකින් පිහිටි බව සඳහන් වෙයි.
සුන්දර කඳු පන්ති යුගලක් වන ගොන්මුත්තාව හා මොරන්කන්ද මුදුනින් ගලා එන දිය පහරවල් දෙකකින් ආරම්භ වන දැදුරු ඔය පසුව එක් දිය පහරක් ලෙස ගලා ඒම සිදුවෙයි.
ගම් රාශියක් පසු කරමින් පොළොව සරුසාර කරමින් පැමිණ හලාවතින් මුහුදට වැටෙන දැදුරු ඔය ඒ අතරතුර විවිධ පිඩාවන්ට ලක්වන බව පරිසරවේදින් පවසයි.
බරපතලම හානිය වී තිබෙන්නේ ඉවක් බවක් නැතිව සිදුවන වැලි ජාවාරම බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම ජාවාරම මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම, ආරච්චිකට්ටුව, හලාවත හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, රස්නායකපුර, බිංගිරිය, කොබෙයිගනේ ඇතුළු පොලිස් බල ප්‍රදේශ වල දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.
798 Views
Comments