රසයානික පොහොර ගෙන්වීම නතර කරනවා. පොහොර සහනාධාරය වෙනුවට ගොවීන්ට ලැබෙන දේ මෙන්න
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
23

රසයානික පොහොර ගෙන්වීම නතර කරනවා. පොහොර සහනාධාරය වෙනුවට ගොවීන්ට ලැබෙන දේ මෙන්න

රසයානික පොහොර ගෙන්වීම නතර කරනවා. පොහොර සහනාධාරය වෙනුවට ගොවීන්ට ලැබෙන දේ මෙන්න

ඉදිරි කෙටි කාලය තුළ දී මෙරටට රසානික පොහොර ගැන්වීම සම්පූර්ණයෙන්ම නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

 

ඊයේ (22) කොටුව ජනාධිපති මන්දිරයේ දී රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

 

මෙන්ම ගොවීන්ට පොහොර සහනාධාර දීම වෙනුවට කාබනික පොහොර දීමට සැලසුම් කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

 

එමගින් වාර්ෂිකව රසායනික පොහොර ආනයනය කිරීමට වැය වන ඩොලර් මිලියන 400 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

 

මේ අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, මුදල් ලේකම් එස්.ආර් ආටිගල යන මහත්වරුන් ද එක් වී සිටියා.

views

812 Views

Comments

arrow-up