ඉන්දීය හා බ්‍රිතාන්‍ය නාවික හමුදා තුන්දින ඒකාබද්ධ යුද අභ්‍යාසයක

බ්‍රිතාන්‍යයේ විශාලතම යුද නෞකාවක් වන එච්.එම්.එස්. ක්වීන් එළිසබෙත් නෞකාව සිය බලඝණය සමග බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉන්දීය හා බ්‍රිතාන්‍ය නාවික හමුදා ආරම්භ කර ඇති තෙදින ඒකාබද්ධ නාවික යුද අභ්‍යාසයට එක්ව සිටියි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම කාර්‍ය සාධක කණ්ඩායම මීළඟ අදියරේදී දකුණු චීන මුහුදට යාත්‍රා කිරීමට සූදානමින් සිටින බවත් මෙම යුද අභ්‍යාසය මගින් බ්‍රිතාන්‍යය, ඉන්දු - පැසිෆික් කලාපයේ සහයෝගීතාව වර්ධනය කිරීමට හා කලාපයේ රටවල් සමග ආරක්ෂක සබදතා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි.
ඉන්දියාව ඔවුන්ගේ සාම්ප්‍රදායික නිෂ්පාදනයක් වූ ආකාශ් මිසයිලයේ තුන්වන පරම්පරාවේ වැඩිදියුණු කළ මිසයිලය වන යුද ටැංකි නාශක සැහැල්ලු මිසයිලය ඊයේ සාර්ථකව අත්හදා බලා ඇත.
871 Views
Comments