දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 09 ක් හුදෙකලා කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
04

දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 09 ක් හුදෙකලා කරයි

දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 09 ක් හුදෙකලා කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි අද දිනයේ දී තවත් දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිලධාරී වසම් 09 ක් හුදකලා කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

 

ඒ අනුව අද (04) දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරී වසමත්, කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝඹුවල ග්‍රාම නිලධාරී වසමත්, ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරී වසම් දෙකත් හුදකලා කර තිබෙනවා.

 

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිළධාරි වසමත්, රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර ග්‍රාම නිළධාරී වසමත්, කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ යන ග්‍රාම නිලධාරී වසම් ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජෙස්ට්‍රි ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කර තිබෙන බව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

views

854 Views

Comments

arrow-up