දරුවන් විසින් මහමග දමා ගිය මව්පිය යුවළට කොරෝනා - (VIDEO)

වයෝවෘද්ධ මවක් සහ පියෙකු මහමග දමාගොස් ඇති ඛේදජනක පුවතක් වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මීට දින තුනකට පෙර යම්කිසි පුද්ගලයෙකු විසින් මෙම වයෝවෘද්ධ දෙමව්පියන් දෙදෙනා වැල්ලම්පිටිය හන්දිය ප්‍රදේශයට ගෙනැවිත් දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ අසරණව කඩ පිලක වැටී සිටින දෙමව්පියන් යුවළට ප්‍රදේශවාසීන් මේ දින තුන තිස්සේම ආහාර ලබා දී තිබෙනවා.
කෙසේ මෙම යුවළට කොවිඩ් 19 පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. පසුව ඔවුන් දෙදෙනා ගිලන්රථ ආධාරයෙන් අංගොඩ අයි.ඩී.එච් රෝහල වෙත ගෙන ගොස් ඇති අතර රෝහල් ආරංචිමාර්ග වලට අනුව ඔවුන් දෙදෙනාගේ තත්වය අසාධ්‍ය බව වාර්තා වනවා.
1262 Views
Comments