ගුවන් හමුදා පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් ඇමෝනියා ඉස්සූ ගුවන් හමුදාවේ සිව්දෙනෙක් දැලේ

ගුවන් හමුදාවට අයත් කටුනායක පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ තිබූ ඇමෝනියා නයිට්‍රේට් නම් පුපුරණ ද්‍රව්‍ය සොරකම් කිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදා සැරයන්වරයෙකු, නාවික හමුදා සුළු නිලධාරියෙකු ඇතුළු සිව්දෙනක් අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
ගබඩාවේ තිබූ ඇමෝනියා නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍යවල අඩුවක් ඇති බවට ගුවන් හමුදා විනය අධ්‍යක්ෂවරයා විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණ ආරම්භකර තිබුණි.
මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධව ඉහත සැකකරුවන් සිව්දෙනා සමඟ ත්‍රිරෝද රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් විසින් මේවා ගල් වැඩ පොළවල් වෙත අලෙවි කර ඇති බවට හෙළිවූ බව පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් සොරාගන්නා ලද ඇමෝනියා නයිට්‍රේට් තොගයෙන් කිලෝ ග්රූම් 70 ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
802 Views
Comments